විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (28) රාත්‍රියේ මැරීන් ඩ්‍රයිව් (සමුද්‍ර මාවත) මාර්ගයේ බීමතින් රිය පදවා තවත් වාහන තුනක් අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.