හිතුවක්කාර වැඩ නිසා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ කිපෙති . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය ධූර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙතෙක් ඇමතිකම් නොලැබීමත්, අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන්, ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අර්බුදය උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කළ රෝහිත අබේගුණවර්ධන , එස් එම් චන්ද්‍රසේන, විමලවිර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී බී රත්නායක , එස් බී දිසානායක යන මන්ත්‍රීවරුන්ට ඇමති ධුර නොලැබීමත්, පොහොට්ටුවේ කෙහෙළිය රඹුක්වැල්ල වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ ඇමතිධුර හිතුවක්කාරී ලෙස වෙනස් කිරීමත් මෙම අර්බුදයට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර , අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් සිටී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු බත්තරමුල්ල නෙලුම්මාවත පක්ෂ කාර්යාලයට පැමිණීම ද නතර කර ඇතැයි දැනගන්නට තිබේ.

මෙම තත්වය හමුවේ පොහොට්ටුව තුළද කණ්ඩායම් වශයෙන් බෙදීම මේ වන විට උග්‍ර වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

  • අජන්ත කුමාර අගලකඩ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තහනමෙන් පසු වාහන 6900ක් ආනයනය කරලා . . .

Sun Oct 29 , 2023
ඉකුත් 2020 වසරේ ජුනි මාසයේදී ආනයන තහනම පැනවීමෙන් පසුවද මේ දක්වා වූ කාලයම තුළදී වාහන 6969ක් ආනයනය කර ඇතැයි රේගුව සඳහන් කරයි. ඒ අනුව ඉකුත් 2020 වස​රේ සිට මේ දක්වා වූ කාලයේදී මෝටර් කාර් සහ අමතර වාහන 3809ක්ද, භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා ලොරි, ට්‍රක් ආදී වාහන 2971ක්ද, ගිලන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x