ඊශ්‍රායල වීසා බලපත්‍ර අලුත් කරයිද? . . .

ඊශ්‍රායලයේ නීති විරෝධීව රැදී සිටි ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීමට තමන් එකඟ නොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කර තිබෙනවා.

මීට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබුනේ, වීසා නොමැතිව ඊශ්‍රායලයේ යුද ගැටුම්වලට මැදිව සිටින්නන්ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත තොරතුරු ලබා දෙන ලෙසයි.

ඒ, අනුව වීසා බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මේ වන විට 2000කට ආසන්න ඉල්ලීම් ප්‍රමාණයක් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබී ඇත.

කෙසේ වෙතත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඊශ්‍රායලයේ රැදී සිටින්නන්ට ඊශ්‍රායලයේ පවතින කෘෂිකාර්මික රැකියා අවස්ථා වෙත යොමු කිරීමට ක්‍රමවේදයක් සකසා දෙන බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මීට පෙර පවසා තිබුණේ.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රිලවියන්ට උපත් පාලන උපකරණයක් . . .

Mon Oct 30 , 2023
රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත. මේ වන විට රිලා ගැහැනු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි. රිලා ගහනය අවම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x