මධ්‍යම සහ ඌව පළාත් යා කරමින් දිවයිනේ දිර්ඝතම සංචාරක ඇවිදින මංපෙත ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත්දා හැටන් දික්ඔය වතු පාලකයන්ගේ සමාජ ශාලාවේදී පැවැත්විණ. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිත අතර , මෙම සාකච්ඡාව සඳහා සංචාරක මණ්ඩලය , වතු සමාගම්වල පාලන අධිකාරිය ඇතුළු සංචාරක කර්මාන්තයේ නියැලෙන ක්ෂුද්‍ර […]

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල ව ප්‍රාණ ඇපයට රඳවාගෙන සිටි කණ්ඩායම් දෙකක සාමාජිකයන් පිරිසක් ඔහුගේ දේපළ අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඔහු තවදුරටත් ජීවත් වීම අනවශ්‍ය පුද්ගලයෙකු බවට සිතා ඔහුට මරණයක් අත්පත් කර දීමට කටයුතු කර ඇති බවට තමන්ට සැකයක් පවතින බව කොතලාවල ගේ බිරියගේ සොයුරියක වන සෙරින් පේෂන් ප්‍රනාන්දු […]

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට  මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන්  රුපියල් 17,000ක ඩීසල් නොමිලේ  දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.  මෙම සහනය දෙන්න රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා හෙක්ටෙයාර් […]

ව්‍යාජ මුදල් නෝට්ටු බෙදා හැරීමකට සම්බන්ධ රත්නපුර මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති කාන්තාවක අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශය මහජන සහාය පතයි. මෙම ඡායාරූපයේ සිටින තැනැත්තියට එරෙහිව රත්නපුර මහාධිකරණයේ නඩු පවරා ඇති නමුත් ඇය වෙනත් නමකින් පෙනී සිටින බවත් ඇය විසින් ලබා දී ඇති තොරතුරු අසත්‍ය ඒවා බවත් […]

විදෙස් රැකියා නියෝජිත ආයතනයක ප්‍රධානියකු වශයෙන් පෙනී සිටිමින් ඉතාලි රාජ්‍යයේ නිකුත් කළ ලද විසා බලපත්‍ර බවට ව්‍යාජ ලේඛණ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ චිත්‍රපට හා ටෙලිනාට්‍ය සහය නළුවෙක් ඇතුලු තිදෙනෙක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ඒකකය විසින් පිටකොටුවේ දී අත්අඩංගුවට ගනු ලැබූහ. සැකකාර […]

පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ඉවත්කරන ලෙසට කැබිනට් මණ්ඩලයෙන් අනතුරුව ජනපතිවරයා විසින් තමන්ට දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ සියලු කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් හෙට දිනයේ පාර්ලිමේන්තුවට සිදුකරන බවය. “කැබිනට් මණ්ඩලය ඇතුළේ වෙච්ච සිදුවීම් මට කියන්න බෑ. සාමූහික වගකීම […]

අද(07) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි. නුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බව ඔවුන් පවසයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිත බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය […]

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ නම භාවිතා කරමින් කලල්ගොඩ ප්‍රදේශයේ අනවසර ගොඩකිරීමක් සිදු කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. තලවතුගොඩ, කලල්ගොඩ ප්‍රදේශයේ අනවසර ඉඩම් ගොඩකිරීමක් සිදු වන බවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා වෙත ඊයේ (06) තොරතුරක් ලැබී තිබිණ. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම […]

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් ආනයනය කෙරුණු ඩීසල් තොගයක්  ගැන මතුවූ සැකයක් මත ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී  අද (7)  පැවසීය. ප්‍රමිතියෙන් තොර බව සනාථ වුවහොත් එම ඉන්ධන ගොඩ නොබා නැවත හරවා යවන බවද  ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.