ඩීසල් තොගයක් ගැන සැකයක් . . .

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් ආනයනය කෙරුණු ඩීසල් තොගයක්  ගැන මතුවූ සැකයක් මත ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී  අද (7)  පැවසීය.

ප්‍රමිතියෙන් තොර බව සනාථ වුවහොත් එම ඉන්ධන ගොඩ නොබා නැවත හරවා යවන බවද  ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඩීසල් තොගය සමග රැගෙන ආ  පෙට්රල් 92  තොගය තත්ත්ව පරීක්ෂාවෙන් පසු එය හොඳ බව තහවුරු වීමෙන් පසු ගොඩ බෑ බවද ඔහු සඳහන් කළේය.

“මේ රටට  අපි  ප්‍රමිතියෙන් තොර ඉන්ධන ආනයනය කරලත් නැහැ.  බෙදාහැරලත් නැහැ” යැයිද  ඔහු සඳහන් කළේය.

ඩීසල්  තොගේ පරික්ෂා කිරීමට නිලධාරීන් එහි සම්පත්  එහි ගොස් ඇති බව පැවසූ අමාත්‍යවරයා  ඩීසල්  ගොඩබෑමක් දැනට කර නැතැයිද සඳහන් කළේය.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රසන්නගේ නම භාවිතා කරමින් ඉඩම් ගොඩකරලා . . .

Tue Nov 7 , 2023
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ නම භාවිතා කරමින් කලල්ගොඩ ප්‍රදේශයේ අනවසර ගොඩකිරීමක් සිදු කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. තලවතුගොඩ, කලල්ගොඩ ප්‍රදේශයේ අනවසර ඉඩම් ගොඩකිරීමක් සිදු වන බවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා වෙත ඊයේ (06) තොරතුරක් ලැබී තිබිණ. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x