ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය තාවකාලික වසා දමයි . . .

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ.

ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත.

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා මේ වන විට පොලීසිය සහ හමුදාව කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගය තාවකාලික ව වසා ඇති බව සඳහන්ය.

මේ අතර, බත්තරමුල්ලේ සීලරතන හිමි ද ලිපියක් භාර දීමට ක්‍රිකට් ආයතනය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. පොලීසිය විසින් උන්වහන්සේ ව අතරමඟ දී නවතා ඇති නමුත් පසු ව ලිපිය භාර දීමට අවස්ථාව ලබා දී තිබේ.

මේ අතර, දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී මේ වන විට පැවැත්වෙයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනය අත්හිටුවයි . . .

Thu Nov 9 , 2023
පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනයත් අත්හිටුවා තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, එම වාහන ආනයනය සඳහා ලබා දුන් මාසයක කාලය ද අවසන් වූ බවයි. අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x