අල්ලසක් ගන්න ගිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති දැලේ . . .

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේධීය.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර රියදුරෙකුද සිටින අතර අල්ලස් කොමිෂන් සභා ආරංචි මාර්ග අනුව අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මේ වසරේ අත්අඩංගුවට ගනු ලැබූ ඉහළම රජයේ නිලධාරියා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිය.

සැකකරුවන් අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරය සඳහා පත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රිකට් තහනම ඉවත් කරගන්න අභියාචනා කරයි . . .

Sat Nov 11 , 2023
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා ක්‍රීකට් සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසංහ ප්‍රතිචාර දක්වා තිබේ. අමාත්‍යවරයා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇති හේතු මොනවාදැයි දැනුම්දීමෙන් අනතුරුව ඊට අදාළව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ (10) රැස් වූ මණ්ඩලයේදී තීරණය කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x