ජාවාරම්කරුවෙක් රිමාන්ඩ් . . .

කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවකු හදිසියෙ රෝහල් ගත කර ඇති බව දන්වමින් දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලබාදී ශල්‍යකර්මයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් බැංකු ගත කරන ලෙසට සාපරාධී බිය ගැන්වීමක් සිදුකලැයි කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ  නියෝග කළේය.

මෙම සැකකරු, අදාල දරුවාගේ පන්තිභාර ගුරුවරයා ලෙස පෙනී සිටිමින් මෙම ඇමතුම ලබාගෙන ඇතැයිද කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රන්දෝලියාගල, 20 කනුව, මාපාකඩවැව මහියංගණය පදිංචි ගම්හේවාලාගේ ආනන්ද අමරසිංහ රාජපක්ෂ නමැත්තාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ කඳානේ පදිංචි නිලන්ත සංජීව අඹගහවත්තගේ නමැති ප්‍රවර්ධන කළමනාකරුවකු විසිනි.

ඉකුත් 27 වැනි දා උදෑසන 8.40ට පමණ තම බිරිඳගෙ ජංගම දුරකථනයට පුද්ගලයකු ඇමතුමක් ලබා ගනිමින් තමන්ගේ වැඩිමහලු පුත්‍රයා අසනීපව රෝහල් ගතකල බවත් හදිසි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බැවින් රුපියල් එක්ලක්ෂ පනස්දාහක් පනස් දාහක මුදලක් ඉක්මනින් බැංකු ගත කරන ලෙසට දැනුම් දී ඇති බවත් පැමිණිලිකරු සඳහන් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

  • නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දීපාවලියෙන් පසු දිල්ලි නුවර තත්ත්වය දරුණු වෙයි . . .

Mon Nov 13 , 2023
ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඉතා දරුණු වී ඇති බවත් එහි ජනතාවට හුස්ම ගැනීමට පවා අපහසු වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත. දිල්ලියේ මාර්ග දූවිලි අංශ සහිත ඝන දුමාරයකින් වැසි ගොස් ඇති බවත් එම මාර්ගවල ගමන් ගන්නා විට මීටර් කිහිපයක් ඉදිරිය නොපෙනෙන බවත් වාර්තා වේ. පසුගිය ඔක්තෝබර් මස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x