ලොව ධනවත්ම නළුවන් 10 දෙනාගේ ලැයිස්තුවේ මුල් නළුවන් සිවු දෙනා අතරට ෂාරුක් ඛාන් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ෂාරුක් ඛාන්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් මිලියන 770 ක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අවසන් වරට ෂාරුක් රංගනයෙන් දායක වූ ‘පඨාන්’ සහ ‘ජවාන්’ ඉහළ ආදායමක් ඉපැයූ බෝක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ බොලිවුඞ් […]

විසිපස් වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානෝත්සවය හෙට (15) වැනිදා බදාදා ප.ව. 2.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ලාංකික සාහිත්‍ය සම්මාන වංශකතාවේ සාහිත්‍ය සම්මාන උත්සව අතර පෙරමුණේ සිටින ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන, 2023 වසරේ සිය විසිපස් වැනි රිදී ජුබිලිය […]

ටී-බනිස් සාක්කුවේ දාගෙන, ජාතික වගකීම කරට අරන් පිටියට ආපු ලොකු අයියාට මහේලගෙන් ලියුමක් අයි. සී. සී සදාතනික විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට එක් වූ සුපිරි පිතිකරු අරවින්ද දි සිල්වාට, අදාළ ලැයිස්තුවේ සාමාජිකයෙකු වන මහේල ජයවර්ධන සුබ පැතුම් එක් කරමින් යොමු කළ ලිපියක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පළ කොට තිබුණි. මේ එම ලිපියේ සිංහල පරිවර්තනයයි. […]

මීලග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා වන වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පනවා තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන 19දා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව ඇත. ශ‍්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ද […]

අප අතරින් වියෝ වූ ‘ද අයිලන්ඩ්’ සහ ‘සන්ඩේ අයිලන්ඩ්’හි හිටපු කර්තෘ ගාමිණී වීරකෝන් අප හඳුනාගත්තේ සියලු දෙනාගේ ගෞරවය දිනාගත් අභීත මාධ්‍යවේදියකු ලෙසටය. 1966දී පාර්ලිමේන්තු වාර්තාකරුවකු ලෙස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට සම්බන්ධ වූ ගාමිණී මාධ්‍ය ගමන්මඟේ ඉහළ සංධිස්ථාන සනිටුහන් කරමින් Ceylon Observer සහ Ceylon Daily News හි ප්‍රවෘත්ති කර්තෘ තනතුරට […]

2025 වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් කණ්ඩායම් අට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමත් සමගයි. ඒ අනුව ශූරයන්ගේ කුසලානය සඳහා සහභාගී වන රටවල් වන්නේ සත්කාරක පාකිස්තානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, එංගලන්තය හා බංග්ලාදේශයයි. මෙම තරගාවලිය පාකිස්තානය දී […]

දැවැන්ත අයවැය හිගයක් සහිත මෙම අයවැය හරහා ජනාධිපතිවරයා සිදුකලේ අනාගතයේ තවත් ණය බෝම්බයක් පුපුරුවා හැරීමට සේවා නූල ගිණි තැබීම යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. ඔහු මේ බව සදහන් කර සිටියේ අද දින (14) පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ […]

ඊයේ (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඉන් අනතුරුව එනම් ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය. එම දිවා භෝජන සංග්‍රහයට ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහභාගී නොවීය. නමුත් වාර්තා වන්නේ සමගි ජන සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා […]

TikTok හි අන්තර්ගතය සමාජ සංහිඳියාවට හානිකර බව පවසමින් නේපාලය ,චීනයේ නිශ්පාදිත TikTok සමාජ මාධ්‍ය තහනම් කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. සියලුම සමාජ මාධ්‍ය ආයතන විසින් රට තුළ සම්බන්ධතා කාර්යාල පිහිටුවීමට අවශ්‍ය වන නව රීතියක් රට හඳුන්වා දීමෙන් දින කිහිපයකට පසුවයි මෙම තීරණය ගෙන තිබේ. මාසික පරිශීලකයින් […]

ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ. එය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ගෙන ඇත. කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කර ඇත්තේ ඉන් ශ්‍රී ලංකාවට බලපැමක් ඇති නොවන බවය. aruna  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.