ටික්-ටොක් තහනම් කරයි . . .

TikTok හි අන්තර්ගතය සමාජ සංහිඳියාවට හානිකර බව පවසමින් නේපාලය ,චීනයේ නිශ්පාදිත TikTok සමාජ මාධ්‍ය තහනම් කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

සියලුම සමාජ මාධ්‍ය ආයතන විසින් රට තුළ සම්බන්ධතා කාර්යාල පිහිටුවීමට අවශ්‍ය වන නව රීතියක් රට හඳුන්වා දීමෙන් දින කිහිපයකට පසුවයි මෙම තීරණය ගෙන තිබේ.

මාසික පරිශීලකයින් බිලියනයක් පමණ සිටින TikTok ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් විසින් මුලින් තහනම් කරණු ලැබුවා.

මෙම වසර මුලදී, මොන්ටානා එය තහනම් කළ පළමු එක්සත් ජනපද ප්‍රාන්තය බවට පත් වූ අතර එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව තුළ එය භාවිතා කිරීමද තහනම් විය.

නේපාලයේ සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රේඛා ෂර්මා බීබීසීයට පවසා ඇත්තේ TikTok වේදිකාව අශිෂ්ට අන්තර්ගතයන් පතුරුවා හරින බවයි. තහනම් කිරීම වහාම ක්‍රියාත්මක වන බවත්, එම තීරණය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අයවැයෙන් පස්සේ ලැබුණ දිවා භෝජනය සංග්‍රහය . . .

Tue Nov 14 , 2023
ඊයේ (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඉන් අනතුරුව එනම් ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය. එම දිවා භෝජන සංග්‍රහයට ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහභාගී නොවීය. නමුත් වාර්තා වන්නේ සමගි ජන සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x