නැපෝලියන්ගේ තොප්පිය කෝටි 68කට වෙන්දේසි වෙයි . . .

හිටපු ප්‍රංශ අධිරාජ්‍යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68 කට පමණ) කට ප්‍රංශයේ පැරිස් නුවර පැවති වෙන්දේසියකදී වෙන්දේසි කර ඇත.

මෙම තොප්පිය නැපෝලියන් අධිරාජ්‍යයා වසර 1769 – 1821 දක්වා කාලය තුළදී පැළඳ තිබේ.

ප්‍රංශ ධජයේ නිල් – සුදු – රතු වර්ණයන් ලාංඡනයේ ඇති මෙම කළු පැහැති තොප්පිය ලෝකය පුරා සිටින කෞතුක භාණ්ඩ එකතු කරන්නන්ගේ උනන්දුව ආකර්ෂණය කර ගත් බව වෙන්දේසිකරු ජීන් පියරේ පවසයි.නමුත් තොප්පිය මිලදී ගත් තැනැත්තාගේ අනන්‍යතාවය හෙළි කිරීමට වෙන්දේසිකරු කැමැත්ත පළ කර නොමැත.

ඇමෙරිකානු ඩොලර් 655000 – 873000 අතර මුදලකට මෙම තොප්පිය වෙන්දේසි වේයැයි ඇස්තමේන්තු කළත් අවසානයේ එම මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලකට මෙම තොප්පිය අලෙවි වී තිබේ.

නැපෝලියන් බොනපාර්ට්ට වසර 15 ක කාලය තුළ මෙවැනි තොප්පි 120 ක් පමණ තිබී ඇති බවත් ඉන් බොහොමයක් මේ වනවිට නැති වී ඇති බවත් වෙන්දේසිකරුවන් පවසා ඇත.තොප්පිය නැපෝලියන් බොනපාර්ට්ගේ ප්‍රතිරූපය පිළිබිඹු කරන බවත් තොප්පියේ අවසන් හිමිකරු ව්‍යාපාරික ජීන් ලුවිස් නොයිසියෙස් මීට වසරකට පෙර මියගොස් ඇති බවත් පියරේ පෙන්වා දී තිබේ.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සූර් වෙලා 'ඩ්‍ර‍යිව්' කරොත් දඬුවම් සැර වෙන හැටි . . .

Tue Nov 21 , 2023
මත්ද්‍රව්‍ය භාවිතාකර රිය පදවන රියදුරන් මහා මාර්ගයේදී පරික්ෂා කිරීමට අදාළ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ,දකුණු පළාත් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් සහ දකුණු පළාත් සියලුම පොලිස් රෝහල්වල අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් එක්ව  මත්ද්‍රව්‍ය භාවිතාකර රිය පදවන රියදුරන් මහා මාර්ගයේදී පරික්ෂා කිරීමට අදාළ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහා zoom තාක්ෂණය ඔස්සේ මරදාන අමාත්‍යාංශ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x