Shell ඉන්ධන පිරවුම්හල් 200ක් ශ්‍රී ලංකාවට . . .

පෙට්‍රෝලියම් නිෂ්පාදන වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් වන එක්සත් ජනපදයේ RM Parks Inc. සමග ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළඹ තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කර ඇත.

Shell නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම සඳහා මෙම ගිවිසුමට එළඹ ඇත.

ඒ අනුව, RM Parks Inc. සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඉන්ධන පිරවුම්හල්වල mini-supermarkets සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ (EV charging) පහසුකම් ස්ථාපනය කෙරෙනු ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ගිවිසුම ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු බවය.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වික්ටෝරියා වේල්ල හරහා ගමන් කිරීම අත්හිටුවයි . . .

Tue Nov 21 , 2023
මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වක්‍රීයව විවෘත වී තිබේ. වසර දෙකකට පමණ පසුව ක්‍රියාත්මක වී ඇති මින් මුදාහැරෙන ජල ප්‍රමාණය තත්ත්පරයක ඝන මීටර 159ක්. ඒ හේතුවෙන් වික්ටෝරියා වේල්ල හරහා ගමන් කිරීම තාවකාලිකව අත්හිටු වූ බව මහවැලි සංවර්ධන අධිකාරිය නිවේදනය කර ඇත. මේ අතර දැදුරු ඔය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x