විජේසේකර නෝනාගේ ප්‍රංශ සවාරිය . . .

සති තුනක ප්‍රංශ සවාරියක නිරත වූ ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (ව්‍යාපෘති) චම්පානි විජේසේකරගේ එම සවාරිය සඳහා මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලය රුපියල් 63,000 ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ.

අදාල රුපියල් 63,000ක මුදල සංචාරය නිමකර නැවත පැමිණීමට පෙර අදාළ සැපයුම්කරුවන්ට ගෙවන ලෙස මෙම නිලධාරිනිය මුදල් කළමනාකරු වෙත නියෝග කර ඇති බවත් ඒ අනුව එම මුදල මේ වනවිටත් සැපයුම්කරුවන්ට විදුලිබල මණ්ඩලය ගෙවා ඇති බවත් වාර්තා වේ. මෙම නිලධාරිනිය ලබන වසරේ විශ්‍රාම යාමට නියමිත බවත් විදේශ සංචාර සඳහා සහභාගිවන නිලධාරීන්ට ගමන්මළු ආදිය මිලදීගැනීමට මෙලෙස විදුලිබල මණ්ඩලයේ මුදල් භාවිතා කළ නොහැකි බව සේවකයෝ සඳහන් කරති.

විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ යෙදෙන සේවකයන්ට ආරක්ෂිත සපත්තු සඳහා හැර උසස් නිලධාරීන්ගේ පාවහන් සඳහා මණ්ඩලයට මුදල් ගෙවීමේ හැකියාවක් නොමැති බවත් මෙම නිලධාරිවරිය සති ගණන් අඛණ්ඩවට සේවයට වාර්තා නොකරණ බවත් ඒ සම්බන්ධයෙන් ඇයට විනය ක්‍රියාමාර්ගද ගෙන නොමැති බවත් වාර්තා වේ.

මෙම නිලධාරිනිය ලංකා විදුබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරණය යටතේ කොටස් කිහිපයකට වෙන් කර පුද්ගලික ආයතන වෙත විකුණා දැමීමේ ක්‍රියාවලියට සෘජුවම සහාය දෙන තැනැත්තියක බවද වැඩිදුරටත් වාර්තා වේ.

ලංකා විදුලි බල මණ්ඩලය පවතින්නේ විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකරය යටතේය.

පසුගිය කාලයේ ලංකා විදුලිබල මණ්ඩලයේ අති විශාල වංචා දූෂණ සම්බන්ධයෙන්ද වාර්තා වූ අතර ඒ සම්බන්ද පුවත් මාධ්‍ය ආයතන විසින් පල කරන ලදී. විදුලිය මිල දී ගැනීමේදී සිදු වූ වංචා දූෂණ ඒ අතර විශේෂිතය.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඔන්ලයින් ක්ෂණික ණය උගුල ගැන අනාවරණයක් . . .

Fri Nov 24 , 2023
ඔන්ලයින් ඔස්සේ ක්ෂණික ණය මුදල් ලබාදෙන බව පවසමින් සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානය අනාවරණ කරයි. ජනතාව අපහසුතාවට පත්කරන මෙවැනි ගනුදෙනුවලට සම්බන්ධ සමාගම්වලට එරෙහිව පොලීසිය පියවර ගත යුතු බව එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන දැන්වීම් හරහා ක්ෂණික ණය ලබාදෙන ආයතන රැසක් පිළිබඳව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x