වෛද්‍ය ආඥාපනත සංශෝධනයට . . .

විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීමට අනුමැතිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 

එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 1927 අංක 26 දරන වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීමේ යෝජනාව මේ වසරේ අගෝස්තු මාසයේදී කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක්වුණි.

යෝජිත සංශෝධන තවදුරටත් අධ්‍යයනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන්ගේ කමිටුවක් වෙත කරුණු යොමු කිරීමට එහිදී තීරණය කළේය.

ඒ අනුව එම නිලධාරීන්ගේ කමිටු වාර්තාවේ සඳහන් නිර්දේශ මත පදනම්ව වෛද්‍ය ආඥාපනත සංශෝධන සඳහා කෙටුම්පත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකයාට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්ලාස්ටික් බෝතල් සඳහා මුදල් තැන්පතුවක් . . .

Tue Nov 28 , 2023
ප්ලාස්ටික් හිස් බහාලුම් නැවත එකතු කර ගැනීමේදී තාවකාලික තැන්පතුව ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සහ එයට QR කේත පද්ධතියක් හඳුන්වා දී ඒ සඳහා සුදුසු ආයතන වෙතින් යෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ප්ලාස්ටික් ඇසුරුම් වශයෙන් භාවිතා කරන ලබන පොලිඑතීලීන් ටෙරෙෆ්තලේට් (PET) බෝතල් සහ හයි ඉම්පැක්ට් පොලිස්ටිරින් (HIPS) කෝප්ප සහ අනෙකුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x