ස්ට්‍රීට් ෆුඩ් කන්නේ පරිස්සමෙන් . . .

මහරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඊයේ රාත්‍රි කොට්ටාව සහ තලවතුගොඩ ප්‍රදේශ වල පවත්වාගෙන යන වීදි ආපන ශාලාවල සිදු කළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර ආහාර අලෙවි කළ වීදී ආපන ශාලා හයකට නිවේදන නිකුත් කොට ආපන ශාලා 14 එරෙහිව කඩුවෙල අධිකරණයේ නඩු පැවරු බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කෝසල මුතු කුමාරණ  පවසනවා.

මෙහිදී තලවතුගොඩ කිඹුලාවල street food අළෙවි සල් 35 ඇතුළුව ආපන ශාලා 55 ක් මෙහීදී පරීක්ෂාවට ලක් කළ අතර එහිදී පිටි කෑම මස් මාලු කෑම ඇතුළු වෙනත් කෑම වර්ග විවෘතව මේස මත ප්‍රදර්ශනය කොට අලෙවි කිරීම නිසා එම ආහාර වලට දූවිලි සහ වාහන වලින් පිටවන දුමාරය සෘජුවම වැදීම තුළින් ආහාර දූෂණයට ලක්ව තිබෙනවා.

ඊට අමතරව පිසු ආහාර , අමු ආහාර සමඟ එකට තැබීම , මලකඩ යකඩ තැටි මත මස් බැදීම සහ මස් බැදීමද මෙහිදි සිදු කර තිබුණා.

තවද කොත්තු රයිස් නූඩ්ලස් වැනි අමු ආහාර ලෑලි කෑලි මත පරිසරයට නිරාවරණය වෙමින් ප්‍රදර්ශනය කර තැබෙන අතර ඒවාට දැඩි ලෙස දූවිලි වැදී තිබෙනවා.

  • Sithumi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලකුණු බිංදුවකට කඩුලු 8ක් ගත්තු කොළඹ පැංචා . . .

Sun Dec 3 , 2023
ක්‍රිකට් තරගයක කඩුලු දවාගැනීම ලෙහෙසි නැත. පිතිකරුවාට කඩුල්ලේ රැඳී සිටීමට විකල්ප ගණනාවක් තිබුණ ද, පන්දු යවන්නාට ඇත්තේ කඩුල්ල දවා ගැනීමේ ඉලක්කය පමණි. එහි සාර්ථක අසාර්ථකත්වය රඳා පවතින්නේ පන්දු යවන්නකු සතු හැකියාව සහ අත්දැකීම් මතය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කෙසේ වෙතත් පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ කඩුලු 3ක් දවා ගැනීම කැපී පෙනෙන දස්කමකි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x