හන්තානේ අතරමංව සිටි සරසවි සිසුන්ව බේරා ගැනේ . . .

චාරිකාවක් අතරතුර හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ.

යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදු කළ ගලවා ගැනීමේ මෙහෙයුමකදීයි ඔවුන් සොයාගෙන ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් 180ක් හන්තාන කඳුවැටියේ අතරමං ව තිබුණි.

එම පිරිස අතර, පිරිමි සිසුන් 60ක් සහ කාන්තා සිසුන් 120ක් සිටින බව වාර්තා විය.

පොලීසිය සහ යුද හමුදාව එක්ව මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් අතරමං වූ සිසුන් සමඟ කිසිදු සන්නිවේදනයක් ස්ථාපිත කරගැනීමට නොහැකිව තිබූ අතර පසුව ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකිව තිබේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හොර පාරෙන් ඉතාලි පනින්න ගිය කෙල්ලො දෙන්නා . . .

Sun Dec 3 , 2023
ව්‍යාජ ලෙස සකස් කළ වීසා බලපත්‍ර මගින් ඉතාලිය වෙත පළා යාමට තැත් කළ තරුණියන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් සහ යාපනය , වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි. ඔවුන් ඉදිරිපත් ලියකියවිලි පිළිබඳ සැක සිතූ කටාර් ගුවන් සේවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x