ශ්‍රී ලාංකික කතක් තෙවන වරටත් තැබූ වාර්තාවක් . . .

ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් වන ෂෙමාරා වික්‍රමනායක තෙවැනි වතාවටත් නම් දරනු ලැබුවා.

ඇය මැකෝරි සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර මෙම වසරේ ඇය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 32.8 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 70 ක් පමණ) මුදලක වාර්ෂික වැටුප් පැකේජයකට හිමිකම් කීය.

පෙර වසරට සාපේක්ෂව ෂෙමාරා වික්‍රමනායක ගේ මෙම වසරේ වැටුප් පැකේජය සියයට 30 කින් වර්ධනය වී ඇති අතර මැකෝරි සමූහ ව්‍යාපරය ඕස්ට්‍රේලියාව කේන්ද්‍රකරගත් දැවැන්ත මූල්‍ය සමාගම් සමූහයකි.

2018 වසරේ ෂෙමාරා වික්‍රමනායක මැකෝරි සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත්ව තිබෙනවා.

එමෙන්ම මෙම තනතුරුට පත් වූ ප්‍රථම කාන්තාවද ෂෙමාරා වික්‍රමනායක ද වනවා.

  • Dhananjaya

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජර්මනියේ ගුවන්යානා ගල්වෙයි . . .

Tue Dec 5 , 2023
මේ දිනවල සිදු අධික හිම පතනයක් ජර්මනියේ දෛනික වැඩකටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. ඒ, හේතුවෙන් ජර්මනියේ මියුනිච් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් වාර 760ක් පමණ අවලංගු කර ඇති අතර දකුණු ජර්මනියේ මෙම අසාමාන්‍ය හිම පතනය නිසා ගුවන් යානයක් ධාවන පථයේ සිරවී තිබෙන අයුරු ද දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x