පන්දුව අතින් ඇල්ලූ මුෂ්ෆිකර් දැවී යයි . . .

පන්දුව ස්පර්ශ කිරීමේ වරදට හසුව දැවී ගිය පළමු බංග්ලාදේශය ක්‍රීඩකයා බවට පත්වීමට මැදපෙළ පිතිකරු මුෂ්ෆීකර් රහීම්ට අද (06) සිදුවිය.

මුෂ්ෆීකර් රහීම්ට මෙලෙස අවාසනාවන්ත ලෙස දැවී ගියේ මේ වනවිට මීර්පූර් හිදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දීය.

බංග්ලාදේශ පළමු ඉනිමේ දී පන්දු 85කට මුහුණ දී ලකුණු 35ක් රැස්කරගෙන සිටිය දී පන්දුව ස්පර්ශ කිරීමේ වරදට හසුව මුෂ්ෆීකර් රහීම් දැවීගියේය.

නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජේමිසන් යොමුකළ පන්දුවක් පිත්තේ වැදීමෙන් පසු තණතිරුවේ වැදී කඩුල්ල ආසන්නයේ මදක් ඉහළ ගිය විට රහීම් එම පන්දුව අතින් වෙනත් දිශාවකට යොමුකළ අතර එහිදී ඔහු දැවී ගිය පිතිකරුවක් ලෙස තුන්වන විනිසුරුවරයා සංඥා කළේය.

ක්‍රිකට් ඉතිහාසය තුළ පන්දුව අතින් ස්පර්ශ කිරීමෙන් දැවී ගිය 11 වන අවස්ථාව ලෙසට මුෂිෆිකර්ගේ මෙම දැවීයාම ඉතිහාසයට එක් විය.

– aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සුපිරි ක්‍රිකට් තරුවකගේ රුව ඩොලර් නෝට්ටුවට . . .

Wed Dec 6 , 2023
ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික විශිෂ්ටයෙක් වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කළ ක්‍රිකට් ලොව බිහි වූ ශ්‍රේෂ්ටතම පිතිකරුවකු වන විවියන් රිචර්ඩ්ස් හට උපහාර පිණිස මුදල් නෝට්ටුවකට ඔහුගේ රුව ඇතුළත් කිරීමට නැගෙනහිර කැරිබියන් දූපත් බැංකුව තීරණය කොට ඇත. ඩොලර් 2ක වටිනාකමින් යුතු මෙම නෝට්ටුව නැගෙනහිර කැරිබියන් දූපත්හි භාවිතය සඳහා ලබාදෙන බවටද නිවේදනය වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x