රත්‍රං මිශ්‍රිත පස් රටින් පන්නන්න සැරසේ . . .

මේ වන විට මහත් ආන්දොලනයක් ඇති කර ඇති රත්‍රං මිශ්‍රිත පස් මෙරටින් පිට කිරීමේ සිද්ධියක් පිළිබඳව මේ වන විට මාධ්‍යන් ඔස්සේ වාර්තා කරමින් ඇත.

රත්තරං මිශ්‍රිත පස් මෙරටින් පිට කරන්නේ නම් ඒ් සදහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දක්වමින් විගණන වාර්තාවක් ද මේ වනවිට නිකුත් කර තිබේ.

එවන් පසුබිමක් තුල පසුගිය සිකුරාදා භූ විද්‍යා අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට රත්තරං පස් අඩංගු කන්ටේනරයක් පරීක්ෂා කරන ලෙස වත්මන් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ස්ටෙරින් ප්‍රනාන්දු හා සභාපති ආචාර්ය සන්ජේ පෙරේරා දැඩි ලෙස බලපෑම් කරන ආකාරය සහිත හඬපට මේ දිනවල සමාජ මාධ්‍යහී වේගයෙන් හුමාරු වේ.

මේ අතර භූ විද්‍යා කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරෝධය පළ කරමින් කාර්යාලය අවට පෝස්ටර් අලවා තිබූ බවටත් වාර්තා වේ.

රටේම භූ විද්‍යා සම්පතට වගකියන එකම රාජ්‍ය ආයතනය වන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා හා වත්මන් සභාපතිවරයා සම්බන්ධයෙන් රජය හා වගකිවයුතු බලධාරීන් තවමත් නිහඩ පිළිවෙතක් අනුගමනය කිරමින් සිටී.

මෙම රත්‍රං මිශ්‍රිත පස් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ක්‍රියාත්මක වී ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පූර්ණ ශ්‍රවණාබාධිතයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකිය . . .

Thu Dec 7 , 2023
පූර්ණ ශ්‍රවණාබාධිත ලක්ෂ 4කට ලබන වසරේ (2024) තුළ රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ‘අරුණ’ට පැවසීය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ මෙම වැඩසටහන ආරම්භ කළ බවත් එලෙස රිය බලපත් ලබා ගත් ආබාධිතයන්ගෙන් කිසිදු රිය අනතුරක් වාර්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x