පාර්ලිමේන්තුව විසුරුවීමේ සූදානමක් . . .

පාර්ලිමේන්තුවේ සිවුවන වාරය අවසාන කර නව සැසිවාරය ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර, මහ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවීමට අවධානය යොමු වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට පැවැත්වෙන අය-වැය විවාදය මෙම 13 වන දා අවසන් කෙරෙන අතර, ඉන්පසු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 9 වන දා පැවැත්වීමට නියමිතව ඇත.

ජනවාරි 9 වන දා ඇරඹෙන පාර්ලිමේන්තු සතිය තුළ ආණ්ඩුවේ හදිසි අණපනත් සම්මත කර ගැනීමේ සූදානමක් පවතින බවට ද තොරතුරු වාර්තා වේ.

එහි මුල් පියවර ලෙස වැට් බදු පනත් සංශෝධනය සඳුදා (දෙසැ. 11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව දැනගන්නට ඇත.

මේ අතර, ජනවාරි මස මැද භාගයේ පාර්ලිමේන්තුවේ වත්මන් සැසිවාරය අවසන් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමේ සූදානමක් පවතින බව ද වාර්තා වේ.

වාර අවසාන කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කළ දිනය ද ඇතුළුව මාස දෙකකට නොවැඩි කාලයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කළයුතු වෙයි. ඒ අනුව වත්මන් සැසිවාරය අවසන් කළහොත්, 2024 මාර්තු මස මැද භාගයේ පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇතැයි තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන වසර මැතිවරණ වසරක් ලෙසට අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබ ඇති අතර ඒ අනුව වසර මුලදී පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා අනතුරුව ජනාධිපතිවරණය පැවැත්වීමේ සූදානමක් පවතින බව ද වාර්තා වේ.

මේ අවස්ථාවේ “රට තුළ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීමට අපි කවුරුත් වැඩ කිරීමට එකතු වෙමුයි,” ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විවෘත ඉල්ලීමක් ද කළේ ය.

“ඇයි අපි මේ බෙදිල ඉන්නේ? අපි එකතු වෙලා වැඩ කරමු,” යැයි වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිසක්, සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිසක් හා එක්ව ජනවරමක් ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව ද ආණ්ඩුවට සම්බන්ධ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නොරොච්චෝලේ විදුලි නිෂ්පාදනය ඇණ හිටී . . .

Sun Dec 10 , 2023
නොරෙච්චෝලේ විදුලි බලාගාරයෙන් විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම ඇණ හිට ඇතැයි එම බලාගාර ආරංචි මාර්ග කියයි. පළමු සහ දෙවන විදුලි උප්දාන යන්ත්‍ර දෙකම එහි නඩත්තු කටයුතු සඳහා මිට පෙර සිට නතර කර තිබූ අතර තෙවන උප්දානය යන්ත්‍රයේ කටයුතු ද බිඳ වැටී ඇතැයි එහි නිලධාරියෙක් පැවැසීය. කෙසේ වුවද දැනට නඩත්තු කටයුතු අවසන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x