බැසිල් ගෙන් තර්ජනයක් . . .

මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවත් පොහොට්ටු පක්ෂයට විරුද්ධව කටයුතු කරන අය පිළිබඳව බලයට පැමිණි පසු බලාගන්නා බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ තර්ජනාත්මකව අවධාරණය කරයි.

ඔහු මේ බව පැවසූවේ පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනය අමතමිණි.

එහිදී මේ සම්බන්ධයෙන් ඔහු තව දුරටත් දැක්වූ අදහස්,

“ඒ වගේම මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණා කරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න සමාජ මාධ්‍ය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු. ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕන නම් සුදානම් කියන එක කියනවා. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා… අපි බලාගන්නවා…”

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැට් එකට හිරවන ජංගම දුරකතන . . .

Sat Dec 16 , 2023
ජංගම දුරකථන සහ උපාංගවල මිළ ලබන වසරේ මුල සිට සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ජංගම දුරකථන ආනයනකරුවෝ පවසති. ජනවාරි මාසයේ සිට වැට් බද්ධ වැඩිකිරීම මෙම තත්ත්වයට හේතුවී ඇතැයිද ඔව්හු සඳහන් කරති. මෙතෙක් ජංගම දුරකථන වැට් බද්ධ සඳහා ඇතුලත් කර නොතිබූ බවත් ජංගම දුරකථන ආනයනකරුවෝ කියති. මේ හෙතුවෙන් ජංගම දුරකථන සහ උපාංග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x