IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා . . .

එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු කණ්ඩයාමේ නායක පැට් කමින්ස් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසියේදි ඉන්දීය රුපියල් කෝටි 20.5කට අලෙවි වී තිබේ.

පැට් කමින්ස් මෙලෙස මිලදී ගෙන ඇත්තේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම විසිනි.

ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ මෙතෙක් වැඩිම මිලකට අලෙවි වී ඇති ක්‍රීඩකයා බවට ද පැට් කමින්ස් පත්ව තිබේ.

එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4කි.

අද පස්වරු 1.00ට ආරම්භ කෙරුණ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියෙදී අලෙවි වූ අනෙක් ක්‍රීඩකයින්ගේ තොරතුරු පහතින්,

ඩැරිල් මිචෙල් – චෙන්නායි සුපර් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 1,687,000

හර්ෂාල් පටෙල් – පන්ජාබ් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 1,412,000

රොවුමන් පවෙල් – රාජස්ථාන් රෝයල් – අමෙරිකානු ඩොලර් 890,000

ට්‍රැවිස් හෙඩ් – සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් – අමෙරිකානු ඩොලර් 819,000

ජෙරල්ඩ් කොඑට්සී – මුම්බායි ඉන්දියන්ස් – අමෙරිකානු ඩොලර් 602,000

ශාඩුල් තකූර් – චෙන්නායි සුපර් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 482,000

හැරී බෘෘක් – දිල්ලි කැපිටල්ස් – අමෙරිකානු ඩොලර් 480,000

රචින් රවින්ද්‍රා – චෙන්නයි සුපර් කිංග්ස් – අමෙරිකානු ඩොලර් 217,000

අස්මතුල්ලා ඔමර්සායි – ගුජරාට් ටයිටන්ස් – අමෙරිකානු ඩොලර් 60,000

වනිඳු හසරංග – සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් – අමෙරිකානු ඩොලර් 181,000

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ට්‍රම්ප්ට ජනපති අපේක්‍ෂකත්වය තහනම් කරයි . . .

Wed Dec 20 , 2023
අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවමින් තීන්දුවක් ලබා දී ඇත. ඒ, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ. අදාළ සංශෝධනයේ 3 වැනි වගන්තිය අනුව ජනාධිපති අපේක්ෂකයකු නුසුදුස්සකු කිරීමට යොදාගත් පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x