විදුලි සටනට ජන ගඟක් . . .

විදුලි බල මණ්ඩලය කොටස් 12කට කඩා විකිණීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව අද පැවැත්වූ උද්ඝෝෂණයට අති විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මේ වනවිට ජනධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය විසින් රාජ්‍ය ආරක්ෂාවට අතිශය සංවේදී බලශක්තිය සහ විදුලි සංදේශ සේවාවක් පෞද්ගලික අංශයට විකුණා දැමීම සඳහා අනසන් සැලසුම් සකස් කරමින් සිටින අතර මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කරනු ලැබීය.

“විකුණන්න ඉඩ නොදෙමු – රැක ගන්න පෙළ ගැසෙමු” යන තේමා පාඨයෙන් ලංකා විදුලි බල මණ්ඩලයට අයත් සියළුම වෘත්තීය සමිති ඒකාබද්ධව දින 3ක විරෝධතා ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කර තිබේ. එහි ආරම්බක පියවර ලංකා විදුලි බල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිටදී අද (ජනවාරි 03) දහවල් පැවැත්වීය. හෙට සහ අනින්දාත් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට නියමිතය.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කරන්න . . .

Wed Jan 3 , 2024
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (3) පැවසීය.   ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x