බන්ධනාගාර ලොකු පුටුවල වෙනසක් . . .

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රැසකට ජනවාරි 1 වන දා සිට 5 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව තනතුරු හා ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු වන අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි. උඩුවර හා බන්ධනාගාර කොමසාරිස් සුනිල් කොඩිතුවක්කු යන නිලධාරීන් දෙදෙනා විශ්‍රාම යාම හේතු කොටගෙන මෙම නව පත් කිරීම් කර ඇත.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත ලෙස කටයුතු කළ අජිත් බස්නායක බන්ධනාගාර කොමසාරිස් පාලන ලෙස ද බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන ලෙස කටයුතු කළ ගාමිණී බී. දිසානායක බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් හා බුද්ධි හා ආරක්ෂණ ලෙස ද පර්යේෂණ හා විශෝධන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර කොමසාරිස් සැපයුම් ලෙසද මැගසින් බන්ධනාගාරයේ හා බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන ලෙස ද වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි යූ.බී. වලිසුන්දර බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත ලෙස ද පත් කර ඇත.

එමෙන් ම බන්ධනාගාර අධිකාරි හා සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් 14 දෙනෙකුට එසේ ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

ඒ අනුව වැඩ ආවරණ සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් ලෙස 11 දෙනෙකු නව පත්කිරීම් සමඟ මාරුකිරීම් කර ඇති අතර බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරුන් 20 දෙනෙකු ද ස්ථාන මාරුකිරීම් කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාකිස්තානයේ ඉන්ෆ්ලුවෙන්සා පැතිරේ . . .

Thu Jan 4 , 2024
පාකිස්තානයේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ, රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඉන්ෆ්ලුවෙන්සා ‘එච්.3එන්.2’ ප්‍රභේදය බවය. සෙසු ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදවලට වඩා එච්.3එන්.2 ප්‍රභේදය බිහිසුණු බවත්, ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ට එය මාරක විය හැකි බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ. එන්.ඩී.ටීවී

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x