මිල්කෝ ආයතනයට කිරි හිගයක් . . .

මිල්කෝ ආයතනය පවත්වාගෙන යෑම සඳහා කිරි මිලදී ගැනීම සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වයක් උද්ගතව ඇතැයි පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසුවේය.

මිල්කෝ ආයතනයේ නිෂ්පාදන කටයුතු සඳහා දෛනිකව කිරි ලීටර් ලක්ෂ හතරක් අවශ්‍ය වූවද, එය පසුගිය කාලයේදී ලීටර් ලක්ෂ දෙකහමාරක් දක්වා අඩුවූ බවද ඔහු කීවේය.

ඉන්දියාව සමග එක්ව මෙරට කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමුකර තිබෙන බවත්, මෙහිදී මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් මණ්ඩලයේ කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අමූල් සමාගම මෙරට සමාගමක් සමග එක්ව විමර්ශනයක නිරතවී සිටින බවද ඇමැතිවරයා පැවසුවේය. ඉදිරියේදී ඔවුන් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ අනුව මෙරට කිරි නිෂ්පාදනය ඉහළ යන්නේනම් ඊට අනුගතවීමට සිදුවන බවද ඔහු කීවේය.

ප්‍රංශ රජයේ ආධාර ඇතිව ග්‍රාමීය වශයෙන් ආරම්භ කරන ලද කිරි කර්මාන්තශාලාවල ක්‍රියාකාරිත්වය මිල්කෝ ආයතනයට හිතකරද, අහිතකරද යන කාරණය සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැතිවරයා විමර්ශනයක් අරඹා තිබෙන බවත්, මෙම විමර්ශනය සිදු කරන්නේ එම කර්මාන්තශාලාවලට එරෙහිව නොවන බවත් ඔහු පැවසුවේය.

මෙරට පුරවැසියකු විසින් දෛනිකව කිරි මිලි ලීටර් 100 ක් වත් පාරිභෝජනය කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන බවත්, ඒ අනුව වසරකට කිරි ලීටර් මිලියන 750 ක් අවශ්‍ය වූවද මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ කිරි ලීටර් 350 ක් පමණක් බවද ඇමැතිවරයා කීවේය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඈන් කුමරිය දිවයිනට . . .

Wed Jan 10 , 2024
එක්සත් රාජධානියේ රාජකීය කුමරියක වන ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. අද (10) දහවල් 1.00ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් ඇය මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් ඈන් කුමරිය දිවයිනට පැමිණ ඇත. දින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x