බෲනායි කුමරු දින 10 ක් මගුල් කයි . . .

බෲනායි රාජ්‍යයේ අබ්දුල් මාටීන් කුමරුන්ගේ රාජකීය විවාහ මංගල උත්සවය දින 10 ක් තිස්සේ පැවැත්වෙයි. රාජකීය මංගල උත්සවය ආරම්භ වූයේ පසුගිය 7 වැනිදාය.

32 හැවිරිදි අබ්දුල් මාටීන් කුමරු ඉස්ටග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය චරිතයකි. අබ්දුල් මාටීන් කුමරු ජනප්‍රිය වී සිටින්නේ ඔහුගේ කඩවසම් පෙනුම නිසාත්, හමුදා නිලධාරියකු වීම නිසාත්ය. ආසියානු තරුණියන්ගේ ‘වඩාත් ආකර්ශණය දිනූ තනිකඩයා’ ලෙස ද අබ්දුල් මාටීන් කුමරු කලක් ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

කුමරුන්ගේ අත ගත්තේ, වසර ගණනක් ඔහුගේ ආදරවන්තිය වූ 29 හැවිරිදි යැංග් මුලියා අනීෂා රෝෂ්නාය. ඇය සාමාන්‍ය පවුලක යුවතියකි. දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දෙසැම්බරය් සිදුවිය. යැංග් මුලියා අනීෂා රෝෂ්නා විලාසිතා සහ සංචාරක සමාගමක හිමිකාරිණියකි.

  • lankadeepa
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවයි . . .

Tue Jan 16 , 2024
රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සඳහා කැඳවා ඇති බව වාර්තා වේ. අද උදෑසන 06.30 සිට ‍සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් පැය 24ක කාලයක් සඳහා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x