අක්කර බදු යළි ඉල්ලයි . . .

මෙම වසරේ (2024) සිට අක්කර බදු අය නොකිරීමට රජය තීරණය කර තිබුණද, ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් මෙම වසරේදී පමණක් එම බදු අය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

අක්කර බදු වශයෙන් රජය අක්කරයකට රුපියල් 100ක මුදලක් අය කෙරේ. මෙමගින් වසරකට ලැබෙන ආදායම රුපියල් බිලියනයක් වුවද එම බදු අය කිරීම සඳහා ඊට වඩා මුදලක් වැය වන බැවින් මෙම වසරේ සිට අක්කර බදු අය නොකිරීමට රජය තීරණය කර තිබිණි.

කෙසේ නමුත්, කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීමෙන් පසුව අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජයේ අවධානය යොමුව තිබේ.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහින්දගේ නිවසට ලංවිමෙන් ජෙනරේටරයක් . . .

Mon Jan 15 , 2024
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින නිවසට රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් විදුලි ජනන යන්ත්‍රයක් විදුලි බල මණ්ඩලයෙන් ලබාගෙන ඇති බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි. ඒ සඳහා නව වැට් බද්දද ඇතුළත් කර නැතැයි සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසීය. මෙම විදුලි ජනන යන්ත්‍රය එම නිවසට ලබා දෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x