ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහතට . . .

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඒ අනුව කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කළේය.

මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති රෝගීන් මෙන්ම ඒ ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව අජිත් වීරසුන්දර පැවසුවේය.

“මෙයට හේතුවෙලා තියෙන්නේ, අප දිවයින හරහා ගමන් කරන වායු ධාරා විශේෂයෙන්ම වෙනත් රටවල භාහිර කලාපවලින්, බෙංගාල බොක්ක වගේ ප්‍රදේශවලින් පැමිණෙන සුළං ධාරා හේතුවෙන්. එම සුළං ධාරා සමග පැමිණෙන නොයෙකුත් ආකාරයේ වායු දුෂණකාරක හේතුවෙන් දිවයිනේ වාතයේ ගුණාත්මකභාවය අඩුවීමට බලපාලා තියෙනවා. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් ඉතාම සුළු වශයෙන් එම ප්‍රදේශවල සිටින ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් ඇති වෙන්න පුළුවන් අවම වශයෙන්. විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ජීවත් වන යම් ආකාරයක පෙනහළු ආශ්‍රිත ආබාධ පවතින ඇදුම වැනි රෝග ඇති පුද්ගලයින් යම්කිසි ආකාරයකට පරිස්සම් විය යුතුයි. විශේෂයෙන්ම මුව ආවරණ පලඳිනවා නම් සෞඛ්‍ය ආරක්ෂා කරගත හැකියි. මෙම තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් පහවී තව දින කිහිපයකින් යථාතත්ත්වයට පත්වෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙහිදී අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා වායුගෝලයේ තත්ත්වය පිළිබඳ අවධානයකින් ඉන්න කියලා.”

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හිර ගෙවල් උතුරයි . . .

Tue Jan 16 , 2024
බන්ධනාගාරවල සිර මැදිරිවල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232 ක් දක්වා ඉහළ නැග ඇති බව බන්ධනාගාරයන්හි පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ දැක්වේ. රැඳවියන් නඩත්තු  කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක්  වැය වන බවද එම වාර්තාවේ සඳහන් වේ. සමස්ත රැඳවියන්ගෙන් සියයට පනස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x