හිර ගෙවල් උතුරයි . . .

බන්ධනාගාරවල සිර මැදිරිවල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232 ක් දක්වා ඉහළ නැග ඇති බව බන්ධනාගාරයන්හි පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ දැක්වේ.

රැඳවියන් නඩත්තු  කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක්  වැය වන බවද එම වාර්තාවේ සඳහන් වේ.

සමස්ත රැඳවියන්ගෙන් සියයට පනස් තුනක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින අය බව වාර්තාව සඳහන් කරයි.

බන්ධනාගාර 27ක වැසිකිළි 187 ක  හිඟයක් පවතින අතර දැනට ඇති   වැසිකිළිවලින් 287 ක් අලුත්වැඩියා කළ යුතු තත්වයේ පවතින බව විගණන වාර්තාවේ දැක්වේ.

බන්ධනාගාර ගත කෙරෙන  රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණද  ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන්  රැඳවියන් 1795 දෙනකු බන්ධනාගාර ගතව සිටින බව එහි සඳහන් වේ.

බන්ධනාගාර ආයතන දෙකක පසුගියදා 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා ඇති වූ කැරලි හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් විනාශවී ඇති බව වාර්තාවේ  දැක්වේ.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ෂෙඩ් හිමියන්ට තෙල්වලටත් වැට් ගෙවන්න වෙලා . . .

Tue Jan 16 , 2024
ඉන්ධන පිරවුම්හල්වලින් අලෙවි කරන සෑම පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් වෙනුවෙන්ම ‘වැට්’ බදු ගෙවීමට පිරවුම්හල් හිමියන්ට සිදුව ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. ඒ හේතුවෙන් සියලුම පිරවුම්හල් දැඩි අර්බුදයකට පත්ව ඇති බව එම සංගමය පෙන්වා දෙයි. ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ලැබෙන සියයට තුනකටත් (3%) වඩා අඩු කොමිස් මුදලින් අදාළ වැට් බදු ද ගෙවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x