කතරගම දෙවියන් පාමුල මහා යුද්ධයකි. කපු මහත්වරුන් දෙදෙනාම සිටින්නේ ඇප පිටය. ඒ ලෝක ප්‍රසිද්ධියට පත්වූ රන්තැටියේ කතන්දරය නිසාය. අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ දරුවාගේ අපලයක් හේතුවෙන් කතරගම දෙවියන්ට පූජාකළ පවුම් 38ක රන්තැටිය අතුරුදන් වූ බවට අංගොඩ ලොක්කා නමැත්තාගේ බිරියගේ පැමිණිල්ලෙන් පඬුපුල් ආසනයද උණුවූයේය. දේව අඩවියේ සිදුවන වංචා දූෂණ හෙළිකරලීමට කතරගම […]

බස්නාහිර පළාතේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. බස්නාහිර පළාතේ ගංවතුර තත්වය පාලනය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසිනි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ එම ප්‍රතිපාදන යොදා ගනිමින් බස්නාහිර පළාතේ […]

වෙනත් භික්ෂූන් වහන්සේලා සිවුර ඇතුළේ හැංගිලා කරන හොර වැඩ තමන් එළිපිට සිදු කරන බව මෑතකදී රක්‍ෂික බන්දනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින විශ්ව බුද්ධා නමින් ප්‍රකට හිමිනම පවසති. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් එහිමියන් සඳහන් කරන්නේ තම පෙම්වතිය සමඟ හෝටලයක කෑමට ගිය එකම හාමුදුරුවන් තමන් පමණක් නොවන බවයි. බුද්ධ ශාසනය ඇතුලේ […]

පුද්ගලික බැංකු ගිණුම් ව්‍යාපාරික කටයුතුවලට භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් ව්‍යාපාර ගනුදෙනු සඳහා වෙනම බැංකු ගිණුම් භාවිතා කිරීම යෝග්‍ය බවය. නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා පුද්ගලික ගිණුම් භාවිතා වෙමින් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි. මේ බව දන්වමින් […]

කොටුව දුම්රියපොළෙහි භික්ෂු විවේකාගාරය තුළ බීමතින් අශෝබන ලෙස චීවරයක් දරාගත් තැනැත්තු හැසෙරන බවට ලද තොරතුරක් අනුව ඒ පිළිබදව විමසීමට ගිය දුම්රිය පොළ පොලිස් මුරපොළෙහි නිලධාරීන් දෙදනකුට පහරදී සපා කා පොලිස් නිලධාරියකුගේ අත තිබූ වෝකිටෝකි යන්ත්‍රය පොළොවේ ගැසූ බව කියන චීවරයක් දරාගත් තැනැත්තකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි. මෙහිදී තුවාල […]

කරාපිටිය මහ රෝහලේ කිෂාන්ත පෙරේරා නැමැති ශල්‍ය වෛද්‍යවරයාගේ හැසිරීමට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් සිදු කරන්න යැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රවී කුමුදේශ් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් යොමුකර තිබේ. ඊයේ (16) වැඩ වර්ජනයට සහභාගි වූ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට තර්ජනය කර, අසැබි වචනයෙන් බැන වදිමින් ක්‍රියා කළ මෙම ශල්‍ය වෛද්‍යවරයාට එරෙහිව වහාම […]

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙක ලබන පෙබරවාරි මස 1 වැනිදා නැවත පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ඒ අනුව පෙබරවාරි මස 1 වැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍ර ද, එදින පස්වරු 1.00 සිට 3.00 දක්වා […]

හිටපු  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත, වෛද්‍ය සපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු 5⁣ දෙනා ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද අධිකරණය අද (17) නියෝග කළේය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ […]

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් ඇති වියහැකි බවට මරදාන පොලිස් ස්ථාන මඟින් සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමේන් අනතුරුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත්කර තිබිණි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ […]

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය  සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන්  නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින්  එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ‌ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය. දුමින්ද සිල්වාට ලබාදී ඇති ජනපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ සැකකරුවන් ආරක්ෂා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.