යාල යළි විවෘත කෙරේ . . .

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා වසා තැබුණු යාල පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව යළි විවෘත කර තිබේ.

ඌව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් පැවසුවේ පසුගිය මාස කිහිපය පුරා අඛණ්ඩව ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වෙහෙරගල ජලාශය වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මැණික් ගඟ පිටාර ගැලීමත්, උද්‍යානය තුළ ඇති සියලු වැව් ජලකඩිති පිරී පිටාර ගැලීමත් හේතුවෙන් මාර්ග පද්ධතිය යටවී ඛාදනයට ලක්වීමත් සමග පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව වසා දැමුනු බවයි.

මෙම තත්ත්වයත් සමග වනජීවී නිලධාරීන්, යුද හමුදාව ඒකාබද්ධව ප්‍රධාන මාර්ග පද්ධතිය මේ වනවිට පිළිසකර කොට තිබේ.

උද්‍යානය තුළ ඇති නිවාඩු නිකේතන හතද යළි යථාතත්වය පත්කොට ඇති බවද උද්‍යාන භාර නිලධාරී මනෝජ් විද්‍යාරත්න ප්‍රකාශ කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඔස්ට්‍රේලියාවේ කුහුඹු වසංගතයක් . . .

Thu Jan 18 , 2024
මිනිසුන් මැරීමට තරම් විෂක් සහිත හා වගාවන් විනාශ කිරීමේ හැකියාවක් ඇති ගිනි කූඹීන් (ෆයර් ඈන්ට්ස්) නමැති කුහුඹු විශේෂය ඔස්ට්‍රේලියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ගංවතුර ඔස්සේ මෙම කූඹීන් ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වෙමින් සිටින බව වාර්තා වී තිබේ. මෙම ගිනි කූඹින්ගේ අඬුවල මිනිසුන් මරා දැමිමට තරම් විෂක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x