දකුණු කොරියානු නාට්‍ය නැරඹූ 16 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුට උතුරු කොරියාව බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. ඒ, දකුණු කොරියාවේ චිත්‍රපට, නාට්‍ය සහ ගීත නැරඹීම උතුරු කොරියාව විසින් තහනම් කර ඇති පසුබිමකයි. අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ආකාරය ඇතුළත් වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රසිද්ධ […]

ජපානය සඳ මත ගොඩබැස් වූ යානාවේ රොබෝ යන්ත්‍රයේ දෝෂයක් හටගෙන තිබේ. සඳ මත සාර්ථක ගොඩබැස්වීමක් සිදු කළද ජපන් යානාවේ රොබෝ යන්ත්‍රයේ සූර්ය බලශක්ති පද්ධතියේ දෝෂයක් හටගෙන ඇතැයි බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. ඒ හේතුවෙන් සඳ මත මෙහෙයුම පැය කිහිපයකට පමණක් සීමා විය හැකි බව වාර්තාවේ. කෙසේ වෙතත්, මෙහෙයුම සුරැකීමට ඉංජිනේරුවන් කටයුතු […]

පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීමට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. එම නව උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව ඔහු පැවසීය. පසුගිය 18 වනදා නාරම්මල ප්‍රදේශයේ දී […]

ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය හා සම්බන්ධ බවට හඟවමින් සිදු කෙරෙන වංචනික ක්‍රියාකාරකම්වල දැඩි ඉහළයෑමක් මේ දිනවල දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි. මේ නිසා වෙහෙස මහන්සියෙන් උපයා ගත් මුදල් රැක ගැනීමට සුපරික්‍ෂාකාරීව සිටින ලෙසත්, වංචාකරුවන් විසින් මේ සඳහා යොදාගන්නා උපායන් පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් බවත් […]

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දමන ලෙස ඉල්ලා කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමුකර තිබේ. මෙම පනත මේ මොහොතේ සම්මත වුවහොත් එමඟින් ස්ථාපිත කිරීමට යෝජිත කොමිෂන් සභාවට සහ විෂය භාර අමාත්‍යවරයාට අසීමිත බලයක් හිමිවන බවයි, එමඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ. […]

ජනතා ද්‍රෝහී ක්‍රියාමාර්ගවල නියැලී සිටින ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව ජනතා ප්‍රතිචාර විශාල වශයෙන් ඉහළ යමින් පවතින අතර ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ද පලවා හැරීමේ සිද්ධියක් අද (20) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළිකර තිබේ. පුත්තලම දළුව ගම්මානයේ මාර්ග සංවර්ධන වැඩ සටහනක් බව කියමින් සනත් නිශාන්ත එම ගම්මානයට ගොස් ඇති […]

රාජපක්ෂ පවුලේ සමීපතම ගෝලයෙකු වශයෙන් කටයුතු කළ ප්‍රසන්න රණතුංග මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකම ගැලවුම්කරුවා ලෙස තෝරා ගෙන සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. ඔහු හම්බන්තොටදී සහභාගී වූ උත්සවයක් අමතමින් රට බේර ගන්න පුලුවන් එකම කෙනා රනිල් වික්‍රමසිංහ බව ප්‍රකාශ කර ඇත. එමෙන් ම, මේ අවස්ථාවේදී අත්හදා බැලීම් නොකළ […]

කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකුට සහ සහායිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සේවයෙන් විශ්‍රාම ලබා ගැනීම සඳහා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා දෙන ලෙස ලිඛිතව ඉල්ලීම් කර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස් ඩී යූ එම් […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැනීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව, එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතරය ලබාගැනීම පිණිස කුමන හෝ සන්ධානයක් සමග එක්ව තරග කර වැඩි වාසි දිනා ගැනීමට ඔවුන් සාකච්ඡා […]

ඉදිරි දින කිහිපයේදී කැබිනට් සංශෝධනයක් වනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම කැබිනට් සංශෝධනය ඉදිරි මැතිවරණයට ඉලක්ක කරගෙන සිදුවුණු ඇති බවද වාර්තා වෙයි. පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට මෙහිදී අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව ඇත. අමාත්‍ය ධුර සඳහා පත් කළ යුතු මන්ත්‍රීවරුන් ලැයිස්තුවක් මේ වන විටත් පොදු ජන පෙරමුණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.