කොරියන් නාට්‍ය බලන්න තහනමක් . . .

දකුණු කොරියානු නාට්‍ය නැරඹූ 16 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුට උතුරු කොරියාව බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

ඒ, දකුණු කොරියාවේ චිත්‍රපට, නාට්‍ය සහ ගීත නැරඹීම උතුරු කොරියාව විසින් තහනම් කර ඇති පසුබිමකයි.

අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ආකාරය ඇතුළත් වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

එළිමහන් ක්‍රීඩාංගණයක සිසුන් සිය ගණනක් ඉදිරියේ එරට බලධාරීන් අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ආකාරය එහි දැක්වෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, රූපවාහිනිය ඇතුළු දකුණු කොරියානු විනෝදාස්වාදයන් වන චිත්‍රපට, නාට්‍ය සහ ගීත නැරඹීම උතුරු කොරියාවේ තහනම් කර ඇති අතර, ඒවා නරඹන පිරිසට දැඩි දඩුවම් පැනවීමටත් උතුරු කොරියාව කටයුතු කරන බවයි.

දකුණු කොරියානු විනෝදාස්වාදය නැරඹීම හෝ බෙදා හැරීම තහනම් කරමින් උතුරු කොරියාව 2020 දී නීතියක් පැනවීය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආනයන බිත්තර මිල ඉහළට . . .

Sun Jan 21 , 2024
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක මිල අද සිට රුපියල් 8.00 කින් ඉහළ දමා ඇතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙතෙක් ලංකා සතොස රුපියල් 35 කට අලෙවි කළ ආනයන බිත්තරයක මිල අද සිට රුපියල් 42 දක්වා වැඩි කළ බවද ලංකා සතොස කළමණාකරුවෙකු පැවසීය. මහින්ද   නිශ්ශංක

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x