කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා කලින් ගෙදර යයි . . .

කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකුට සහ සහායිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සේවයෙන් විශ්‍රාම ලබා ගැනීම සඳහා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා දෙන ලෙස ලිඛිතව ඉල්ලීම් කර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස් ඩී යූ එම් රංගා සනාථ කළේය.

මෙම ශල්‍ය වෛද්‍යවරයාට නව චක්‍රලේඛයට අනුව වසර 63 දක්වා සේවය කිරීමට හැකි නමුත් එම විශ්‍රාම වැටුප් සීමාවට වසර දෙකකට ප්‍රථමයෙන් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

මෙම ශල්‍ය වෛද්‍යවරයා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔහුට ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාරයකගේ ප්‍රතිකාර ලබයි.

  • ජී.ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ඩී.ජී.සුගතපාල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රසන්න රාජපක්ෂලාට පා පහර දෙයි . . .

Sat Jan 20 , 2024
රාජපක්ෂ පවුලේ සමීපතම ගෝලයෙකු වශයෙන් කටයුතු කළ ප්‍රසන්න රණතුංග මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකම ගැලවුම්කරුවා ලෙස තෝරා ගෙන සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. ඔහු හම්බන්තොටදී සහභාගී වූ උත්සවයක් අමතමින් රට බේර ගන්න පුලුවන් එකම කෙනා රනිල් වික්‍රමසිංහ බව ප්‍රකාශ කර ඇත. එමෙන් ම, මේ අවස්ථාවේදී අත්හදා බැලීම් නොකළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x