කරාපිටියේ දොස්තර යළි ඉල්ලා උද්ඝෝෂණ . . .

මුදලට යට නොවූ, මානව හිතවාදී පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස ප්‍රකට කරාපිටිය රෝහලේ පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා ගේ සේවය තවදුරටත් අවැසි බව පවසමින් පැවැත්වූ දෑවැන්ත උද්ඝෝෂණයක් අද (21) කරාපිටියේදී පැවැත්විණි.

ප්‍රදේශවාසීන්, සිවිල් සංවිධාන වල නියෝජිතයින්, රෝහල් කාර්ය මණ්ඩලය, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව, මෙම ශල්‍ය වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා සුවපත් වූ රෝගීන් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණ සඳහා එක්ව සිටියහ.

තමන්ට ඇතිවී ඇති තත්ත්වය හේතුවෙන් කලකිරීමට පත් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග සම්බන්ධ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා නියමිත කාලයට පෙර විශ්‍රාම යෑම සඳහා පූර්ව විශ්‍රාමික නිවාඩු අනුමැතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මේ වන විට ලිපියක් ඉදිරිපත් කර තිබේ.

  • ජී. ඩබ්ලිව්. කේ .ප්‍රේමතිලකද සිල්වා
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කරාපිටියේ වෛද්‍යවරයාට පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට . . .

Sun Jan 21 , 2024
කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා ට පහරදුන් බව කියන රෝහල් සේවකයෙකු සහ සේවිකාවක් අත් අඩංගුවට ගෙන තිබේ. ගාල්ල මුලස්ථාන පොලිසිය පැවසුවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කොට්ටවගම පදිංචි සෞඛ්‍ය කාරය සහායිකාවක් සහ අකුරැස්ස දියලපේ පදිංචි සෞඛ්‍ය කාර්ය සහායකයෙක් බවයි. ඉකුත් 16 වනදින පැවති වැඩ වර්ජනයට පිළිකා වාට්ටුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x