ශ්‍රී ලංකාවට ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් . . .

නිරිතදිග ඉන්දියානු සාගරයේ ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.

අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ, එහි ප්‍රබලත්වය රිච්ටර් මාපක 6.2ක් බවයි. මෙම කම්පනයේ, මධ්‍ය ලක්ෂය ඉන්දියානු සාගරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටා තිබූ බව සඳහන්.

එහි අපිකේන්ද්‍රය මැඩගස්කරයේ සිඔම්බේ සිට කිලෝමීටර් 1623.5ක් දුරින් පිහිටා තිබූ බව ද අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ කම්පනයෙන් මාලදිවයිනට, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට සුනාමි තත්වයක් හෝ වෙනත් කිසිදු බලපෑමක් නොමැති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඊයේ (20) දිනයේ දී රිච්ටර් මාපක 6කට වැඩි අගයකින් යුතුව වාර්තා වූ තෙවන භූ කම්පනය මෙය වන බවයි.

  • Aruna

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කරාපිටියේ දොස්තර යළි ඉල්ලා උද්ඝෝෂණ . . .

Sun Jan 21 , 2024
මුදලට යට නොවූ, මානව හිතවාදී පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස ප්‍රකට කරාපිටිය රෝහලේ පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා ගේ සේවය තවදුරටත් අවැසි බව පවසමින් පැවැත්වූ දෑවැන්ත උද්ඝෝෂණයක් අද (21) කරාපිටියේදී පැවැත්විණි. ප්‍රදේශවාසීන්, සිවිල් සංවිධාන වල නියෝජිතයින්, රෝහල් කාර්ය මණ්ඩලය, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව, මෙම ශල්‍ය වෛද්‍යවරයාගෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x