IMF ගිවිසුම අපේ ආණ්ඩුවෙන් වෙනස් කරනවා . . .

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ පවතින බදු ක්‍රමය ඉදිරි රජයකදී වෙනස් කරන බව සමගි ජන බලවේගය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවැසීය.

මෙවැනි යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහ සමගි ජන බලවේගයට කොන්දක් තිබෙන බවත් මරික්කාර් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ව මුණ ගැසී තිබෙන බවත් නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර එම නියෝජිතයන්ව හමුවී නැති බවත් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ කතා කළ දේවල් මාධ්‍යයට නිකුත් කර නැති බවත් මරික්කාර්  පැවැසීය.

රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරිමට සහ යෝජනා ඉදිරිපත් කිරිමට හැකි වන්නේ දැක්මක් , සෘජු ප්‍රතිපත්තියක් , සැලැස්මක් තිබෙනවානම් පමණක් බවද මරික්කාර් වැඩිදුරටත් සඳහන් කළේය.

  • Media unit
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති . . .

Mon Jan 22 , 2024
ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බව ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පවසයි. ඔහුට අයත් වත්කම් වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් බවත් ඒ අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මන්දිරයක්, ඇමෙරිකානු ඩොලර් මිලියන 716 ක ගුවන් යානයක් තිබෙන බව ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කර ඇත. එම මන්දිරයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x