චීනයේ යුනාන් ප්‍රාන්තයේ නාය යෑමකින් 8ක් මරුට . . .

චීනයේ දකුණුදිග යුනාන් ප්‍රාන්තයේ ඊයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, තවත් 47 දෙනකු අතුරුදන් වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ අලුයම 5.51ට පමණ සිදු වූ මේ නාය යෑමට හේතුව කුමක්දැයි මෙතෙක් හෙළි වී නැති අතර, මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමටත්, අතුරුදන් වූ පුද්ගලයන් කඩිනමින් සොයා ගැනීමටත් චීන ජනාධිපති ෂී ජින්පින් නිලධාරීන්ට නියෝග කර ඇතැයි ද වාර්තා වේ.

දහසකට වැඩි ආපදා කළමනාකරණ කාර්ය මණ්ඩලයක් මේ වන විට නාය යෑම සිදු වූ පළාතේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර, නිවැසියන් 500කට වැඩි පිරිසක් එම පළාතෙන් ඉවත් කර ඇතැයි ද වාර්තා වේ.

අතුරුදන්වූ පිරිසෙන් වැඩි දෙනා කුඩා දරුවන් සහ වැඩිහිටියන් බව පළාත් වාසීන් ප්‍රකාශ කර ඇති අතර, එම නාය යෑම භූ කම්පනයක් තරම් දරුණු අයුරින් දැනුණු බව ද සඳහන් කර ඇතැයි වාර්තා වේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සමූහ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට . . .

Wed Jan 24 , 2024
පසුගිය සදුදා (22) බෙලිඅත්තේ දී පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු සහ අපරාධය සඳහා යොදා ගත් වාහනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ, 54 හැවිරිදි සැකකරු ඝාතනයට පැමිණි වාහනයේ රියදුරා ලෙස මෙම අපරාධය සැලසුම් කර ඇති බවටයි. ඔවුන් පැමිණි අංක 65–2615 දරණ ජීප්රථය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x