ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මුල්ලේරියා රෝහලේ අධ්‍යක්ෂකට නියෝගයක් . . .

අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්කුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අවස්ථාවේ දී ඊට අදාළ “රෝහල් ඇඳ ඉහපත් වාර්තා” අතුරුදන් වී ඇතැයි කියන සිද්ධිය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(23) මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී ලිංගික හිරිහැරියන්ට භාජනය කළේ යැයි චෝදනා කරමින් ව්‍යපාරිකයකු වන මිශාර රණසිංහ නමැත්තකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරුගේ රෝහල් “ඇඳ ඉහපත්” වාර්තා අතුරුදන් වී ඇති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම නියෝග නිකුත් කළහ. ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 22 වනදා කැඳවන ලෙසත් අධිකරණය විසින් නියෝග කරන ලදී.

2021 වසරේ ඔක්තෝබර් මස 30 වනදා තමා කිරිඇල්ල ප්‍රදේශයේ වාහනයකින් ගමන් කරමින් සිටියදී වග උත්තරකාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු කිරිඇල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් තමන්ව කිරිඇල්ල පොලිසියට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදි ලිංගික හිරිහැර සිදුකොට පසුව මුදාහල බව පෙත්සම්කරු සඳහන් කරයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම සිද්ධියට වගකිවයුතු නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන්ට නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ තීෂ්‍ය වෙරගොඩ පෙනී සිටි අතර වග උත්තරකාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ පෙනී සිටියේය.

  • කේ.එස්. උදයකූමාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අතුරුදහන් වූ රාජ්‍ය වත්කම් . . .

Tue Jan 23 , 2024
2006 සිට 2021 දක්වා ආණ්ඩුව අත්පත් කරගත් ස්ථාවර වත්කම් වලින් කෝටි 553,000ක් නොහොත් ට්‍රිලියන 5.5ක් වටිනා වත්කම් ආණ්ඩුවේ ලේඛණ වල සටහන්ව නැතැයි විගණකාධිපතිතුමා විසින් පෙන්වා දීම ඉතාම බරපතල තත්වයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල  පවසයි. ඔහු මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x