වාහන හිමිකරුවන්ට විශේෂ නිවේදනයක් . . .

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අයිතිකරුගේ නමට තබාගෙන මෝටර් රථ පාවිච්චි කරන වාහන හිමියන් හැකි ඉක්මණින් ලියාපදිංචි මාරු කරගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය.

පොලිසිය සී.සී.ටී.වී. පරීක්‍ෂා කර දඩකොළ නිකුත් කිරීමේදී අදාල වාහනයේ ලියාපදිංචි අයිතිකරුට දඩ කොළ යොමු කරන බවත් එම වාහනය වෙනත් පුද්ගලයෙක් පාවිච්චි කරන්නේ නම් ලියාපදිංචි අයිතිකරු අපහසුතාවට පත්විය හැකි බවත් වීරසිංහ සඳහන් කළේය.

ලියාපදිංචි අයිතිකරුගේ නමට තබාගෙන වාහන පාවිච්චි කිරීම සහ විකිණීම තව දුරටත් කළ නොහැකි බව කී වීරසිංහ වාහනයක් විකුණුකරු වාහන වෙනත් පාර්ශවයකට පැවරූ බවට ලිපිය එම දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ නම් දින 14 කට පසුව දඩ මුදල් අය කරන බව ද ඒ මහතා කීය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම

Tue Jan 23 , 2024
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු බවත් විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කරයි. පාසල්වල හය වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x