නිහාල් තල්දූවට නියෝජ්‍ය පොලිස්පති තනතුරක් . . .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පත් කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යා විශේෂ උපාධිය ලබා භූගෝලීය තොරතුරු පද්ධති හා දූරස්ථ සංවේදය පිළිබඳ විද්‍යාපති උපාධිය හිමි කරගෙන ඇත.

එමෙන් ම, ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ.

ඔහු 1992.08.02 වන දා පොලිස් සේවයට බැඳී ඇති අතර 1999.08.13 වන දා පොලිස් පරීක්ෂක නිලයට උසස්වීම් ලබා ඇත.

2021.03.19 වන දා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත්වූ ඔහු, 2021.08.16 වන දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය භාර ගත්තේ ය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොල් මලෙන් පොල් පැළ හදයි . . .

Wed Jan 24 , 2024
පොල් මලක් ආශ්‍රිතව පටක රෝපණ තාක්ෂණය යොදා ගනිමින් ලෝකයේ පළමු වරට පොල් පැළ සැකසීම පිළිබඳ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ පර්යේෂණ සාර්ථක වී ඇත. පර්යේෂණ නළ තුළ පොල් මලක Unopened Female Flower ආශ්‍රිතව සියුම් කොටසක් යොදා ගැනීම මඟින් නිපදවා ඇති මෙම පොල් පැළ සෑම අතින්ම මවු ශාකයට සමාන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x