රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වේ . . .

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව අරුථයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය.

චිත්‍රපට 150 කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායකවී ඇති ඒ මහතා ‘කතුරු මුවාත්’ චිත්‍රපටයේ රංඟනයෙන් සිනමාවට පැමිණියේය.

‘ලොකුම හිනාව’ චිත්‍රපටයේ ත්‍රාසජනක යතුරුපැදි ධාවනයක යෙදෙමින් ප්‍රේක්‍ෂක අවදානය දිනාගත් ඒ මහතා ‘මරුවා සමග වාසේ’ ‘සීමන් අප්පු’ සහ ‘සිහසුන’ ඇතුළු සිංහල සිනමාවේ වඩාත් ජනප්‍රිය වූ චිත්‍රපට රැසක් ද ඇතුළුව චිත්‍රපට 150 කට ආසන්න රංගනයෙන් දායක විය. චිත්‍රපට සටන් අධ්‍යක්‍ෂවරයෙක් ද වන රෙක්ස් කොඩිප්පිලි මහතා ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක විය. රෙක්ස් මහතා සරසවි සම්මාන රැසකින් ඇතුළු සම්මාන රැසක් හිමිකරගනෙ තිබේ.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කතෝලික දේවස්ථානවල ආරක්‍ෂාව වැඩි කරයි . . .

Sun Dec 24 , 2023
නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් දැනට දී ඇති ආරක්‍ෂාව ප්‍රමාණවත් නොවේ නම් පොලිස් මූලස්ථානය දැනුවත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය. ආරක්‍ෂාව පිළිබඳ ගැටලු ඇති දේවස්ථානවලට 0112472757 අංකයට අමතා තොරතුරු දියහැකි බව ද තල්දූව වැඩි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x