කතෝලිකයින් අතර අතිශය පූජනීය නගරයක් වන බෙත්ලෙහෙමේ වෙනදා නත්තල් සැමරුම් පැවැත්වූවත් මෙවර නත්තල් සැමරුම් සිදු නොවීම විශේෂත්වයකි. ඒ, අද වනවිට බෙත්ලෙහෙම පාලනය වන්නේ පලස්තීන නගරයක් ලෙස වීම හේතුවෙනි. සාම්ප්‍රදායිකව නගරය තුළ අතිඋත්කර්ෂවත්ව නත්තල සැමරුම් සිදුවුවත්, මේ වනවිට ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමින් ඔවුන් මෙවර නත්තල් සැමරුම් අත්හිටුවා තිබේ. […]

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා රට පුරා සිදුකරමින් ඇති මෙහෙයුම අඩපණ කිරීමට ඩුබායි සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් දැවැන්ත මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ඔවුන් සමාජ ජාලා, වෙබ් අඩවි, යූ ටියුබ් නාලිකා ඇතුළු මාධ්‍ය වලට රුපියල් කෝටි ගණන් මුදල් වැය කරමින් මෙම ප්‍රචාරක කටයුතු සිදුකරමින් යන […]

රුපියල් කෝටි දොලහක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවට එරෙහිව පැවති විධිමත් රේගු පරීක්ෂණයේ දී වැරදි කරු වූ , ඇයට  රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩය, එසැනින් ගෙවා දැමීමට ඇය කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පැවසීය . […]

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 1,004 කට විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක පැවසීය. මෙහිදී පිරිමි සිරකරුවන් 989 ක් ද, කාන්තා සිරකරුවන් 15 ක් ද, නිදහස් වීමට නියමිත බව ද ඔහු කීය. එම සිරකරුවන්ට කොන්දේසි සහ සීමාවන්ට […]

හුස්ම ගැනීමට අපහසු තත්ත්වයෙන් සහ පෙනහළු ආසාදිත තත්ත්වයකින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇති බවත් ඔහුගේ මරණයෙන් පසු සිදු කළ පී.සීආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවට මහනුවර ජාතික රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි . එසේ මියගොස් ඇත්තේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකි . […]

නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් දැනට දී ඇති ආරක්‍ෂාව ප්‍රමාණවත් නොවේ නම් පොලිස් මූලස්ථානය දැනුවත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය. ආරක්‍ෂාව පිළිබඳ ගැටලු ඇති දේවස්ථානවලට 0112472757 අංකයට අමතා තොරතුරු දියහැකි බව ද තල්දූව වැඩි […]

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව අරුථයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය. චිත්‍රපට 150 කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායකවී ඇති ඒ මහතා ‘කතුරු මුවාත්’ චිත්‍රපටයේ රංඟනයෙන් සිනමාවට […]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට තුළ ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර තිබූ, ධන බද්ද ක්‍රියාවට නැංවීම කල් දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මීට පෙර එය 2024 වසරේ සිට ධන බද්ද ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන්නා. කෙසේවෙතත් ලෝකයේ වෙනත් කිසිඳු රටක ධන බද්ද ක්‍රියාත්මක නොවන […]

නාමල් රාජපක්ෂ සමග පසුගියදා පසුපෙල මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුනේ මලලසේකර මාවතේ ඔහුගේ නිවසේදීය. ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කල මාධ්‍ය කිහිපයක පලවී තිබිණි. ඇයි ධම්මික පෙරේරා ඉල්ලන්නෙ ඔබතුමාට ඉල්ලන්න පුළුවන්නෙ ජනාධිපතිවරණයට නාමල්ගෙන් එක් මන්ත‍්‍රීවරයෙක් ඇසීය. ‘ඉස්සෙල්ලා අපි පක්ෂය හදාගන්න ඕනෙ. පක්ෂය කිවුවොත් එහෙම ජනාධිපතිවරනයට නෙවෙයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.