ධන බද්ද ක්‍රියාවට නැංවීම කල්දමයි . . .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට තුළ ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර තිබූ, ධන බද්ද ක්‍රියාවට නැංවීම කල් දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මීට පෙර එය 2024 වසරේ සිට ධන බද්ද ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන්නා.

කෙසේවෙතත් ලෝකයේ වෙනත් කිසිඳු රටක ධන බද්ද ක්‍රියාත්මක නොවන බවට ශ්‍රී ලංකා රජය සිදු කළ අධ්‍යයනයක දී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ධන බද්ද ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන ආදර්ශ සැලසුම් සපයන ලෙස ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වෙත ඉල්ලීමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වේ . . .

Sun Dec 24 , 2023
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව අරුථයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය. චිත්‍රපට 150 කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායකවී ඇති ඒ මහතා ‘කතුරු මුවාත්’ චිත්‍රපටයේ රංඟනයෙන් සිනමාවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x