යුද හමුදාපතිගේ ගුවන් පිම්ම . . .

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ඓතිහාසික පිම්මක් පනිමින් පැරෂුට් හමුදා භටයකු ලෙස සිය අභීත බව විදහා දැක්වීය.

දෙස් විදෙස් නිලධාරීන් හා සෙබලු කණ්ඩායමක්ද, සමගින් ඔහු එම හපන්කම පෙන්වූයේ පැරෂුට් ඉතිහාසයට නව පරිඡ්චේදයක් ඒක් කරමිනි.

ඌව කුඩා ඔය කොමාන්ඩෝ පුහුණු පාසලේ පැරෂුට් පුහුණු අංශය තුලදී සිදුකල පැරෂුට් පැනීම සදහා අවශ්‍ය මුලික ශිල්පයන් ප්‍රගුණ කිරිමෙන් අනතුරුව උහන ගුවන් හමුදා කඳවුරෙහි පැරෂුට් පතිත කලාපයේදී ඔහු එම පිම්ම සිදු කරන ලද්දේ පසුගිය සදුදා (22)‌ මාලදිවයින් නිලධාරීන් තිදෙනෙක් හා සෙබලු 15 දෙනෙක්, යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති ඇතුළු කොමාන්ඩෝ සෙබලු 13 දෙනෙක් ද සමගිනි.

යුද හමුදාව තුළ පැරෂුට් පැනීම් කොතෙකුත් සිදුවුවද, මෙම අවස්ථාව සටහන් වනුයේ ‌ඓතිහාසික වූත් අසමසමවූත් එකක් ලෙසය.

විශේෂයෙන්ම ප්‍රථම වතාවට යුද හමුදාපතිවරයකු ලෙසද, යුද හමුදාව තුල වයසින් ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා ලෙසද, එම දුෂ්කර පුහුණුවද සාර්ථකව සිදුකර ඔහු මෙම පැරෂුට් පැනීමට එක්වීම ඉතිහාසගත ක්‍රියාවකි. එසේම එය මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ පවා එවන් හපන්කමක් සිදුකල ප්‍රථම හා එකම අවස්ථාව වීමටද, බොහෝ සෙයින් ඉඩ ඇත.

යුද හමුදාපති මෙම සුවිශේෂි පිම්ම හරහා සිය නිර්භීත බවත් වයස හො තනතුර නොසලකා ඉලක්ක ජය ගැනීමට ඇති කැපවීමත් මනාව ප්‍රකට කළේය. ඒ හරහා යුද හමුදාවේ වත්මන් තරුණ පරපුරටද ඔහු ලබා දී ඇති ආදර්ශය අතිමහත්ය. එදා මෙදා තුර ගුවන ජයගත් අසහාය පැරෂුට් භටයින්ගේ නාමාවලියට මෙතැන්පටන් වත්මන් යුද හමුදාපතිගේ නාමයද එකතු වන්නේ එය තවත් එක් පැරෂුට් පැනීමක් ලෙස නොව එම ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

IMF මීළඟ වාරිකය වසර මැදදී . . .

Wed Jan 24 , 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඊළඟ ණය වාරිකය ලැබීමට වැඩි කාලයක් ගත නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (ජන 23) පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේදීය. මෙම වසරේ මැද කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාරිකය ලැබීමට බොහෝ ඉඩකඩ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x