රත්තරං නම වැටුණ හැටි කියයි . . .

තමා මාල කැඩුවා යැයි පොලිස් පොතක පැමිණිල්ලක් පෙන්නුවොත් හෙට  පාර්මේන්තුවෙන් ඉවත් වී ආයුබෝවන් කියා ගෙදර යන බව පොදු ජනපෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඕනෑම කෙනකුට පොඩි කාලේ ගෙදරට කියන නමක් තිබෙන බව කී අබේගුණවර්ධන තමාට ගෙදර අය ආදරේට කිව්වේ රත්තරන් කියන නම යැයි ද නමුත් මාල කැඩීම නිසා රත්තරන් යැයි තමා හඳුන්වන බවට දේශපාලනයට පැමිණීමෙන් පසු සමාජ මාධ්‍ය විසින් සමාජගත කර ඇතැයි  රෝහිත අබේගුණවර්ධන පැවසීය.

තමා මාල කඩනවා දැක්ක එක්කෙනෙක් හෝ ඉන්නවා නම් ඉදිරිපත් වන්නැයි අභියෝග කරන බවද අබේගුණවර්ධන  සඳහන් කළේය.

ඔන්ලයින් පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් රෝහිත අබේගුණවර්ධන මේ බව කීය.

  • අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොවිඩ් වයිරසයට වඩා විසි ගුණයක් මාරාන්තික වසංගතයක් . . .

Wed Jan 24 , 2024
නුදුරු අනාගතයේදී ලෝක ප්‍රජාවට කොවිඩ් වයිසරයට වඩා විසි ගුණයක් මාරාන්තික විය හැකි වසංගතයකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගෙබ්‍රියෙසස් ඊට මුහුණ දීම සඳහා සියලු රටවල් එක්ව වසංගත ගිවිසුමකට අත්සන් තැබිය යුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x