IMF මීළඟ වාරිකය වසර මැදදී . . .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඊළඟ ණය වාරිකය ලැබීමට වැඩි කාලයක් ගත නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (ජන 23) පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේදීය.

මෙම වසරේ මැද කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාරිකය ලැබීමට බොහෝ ඉඩකඩ ඇතැයි ද ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු රටක් බංකොලොත් වීම නොවන බව ද ඔහු සඳහන් කළේ ය.

රටක් බංකොලොත්භාවයට පත්වීම යනු ණය නොගෙවා සිටීම බව ත් එවන් අවස්ථාවකදී ණය ගෙවිය යුතු නොවන අතර වත්කමක් විකුණා යම් ණය ප්‍රමාණයක් ගෙවිය යුතු වන බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රත්තරං නම වැටුණ හැටි කියයි . . .

Wed Jan 24 , 2024
තමා මාල කැඩුවා යැයි පොලිස් පොතක පැමිණිල්ලක් පෙන්නුවොත් හෙට  පාර්මේන්තුවෙන් ඉවත් වී ආයුබෝවන් කියා ගෙදර යන බව පොදු ජනපෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසීය. ඕනෑම කෙනකුට පොඩි කාලේ ගෙදරට කියන නමක් තිබෙන බව කී අබේගුණවර්ධන තමාට ගෙදර අය ආදරේට කිව්වේ රත්තරන් කියන නම යැයි ද නමුත් මාල කැඩීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x