කන්දකාඩු යළිත් ඇවිලෙයි . . .

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හටගත් ගැටුමක් අතරතුර රැඳවූවන් පිරිසක් පලාගොස් ඇත.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ගැටුම අතරතුර රැඳවියන් 35ත් 40ත් අතර ප්‍රමාණයක් පළා ගොස් ඇති බව වාර්තාවේ.

මේ වන විට පොලීසිය විසින් තත්ත්වය පාලනයට අවශ්‍ය පියවර ගෙන තිබේ.

පලාගිය රැඳවූවන් කිහිපදෙනෙකු පොලිසියට භාරවී තිබෙන අතර, පලාගිය සෙසු රැඳවියන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මීනගයා ආපනශාලාවට මුද්‍රා තබයි . . .

Thu Jan 25 , 2024
මීනගයා දුම්රියේ ආපනශාලාව අධිකරණ නියෝගයක් මත තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.  ඒ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළඳාම් කිරීම සම්බන්ධයෙන්. ඒ අනුව මඩකලපුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් පෙබරවාරි 08 වැනි දින දක්වා මීනගයා දුම්රියේ ආපනශාලාව මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය 22 වැනි දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x