ජනපතිට එරෙහිව ජනතාව පාරට බසී . . .

බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රටේ ආර්ථිකය යළි ගොඩනංවන බවට පොරොන්දු වෙමින් පසුගිය දෙසැම්බරයේ ජනපති ධුරයට පත් වූ ජාවේර් මිලෙයි ජනතා පරමාධිපත්‍ය බිංදුවට ඇද දමා ඇතැයි ද, බදු ඉහළ දැමීමෙන් එරට ජනතාව මහපාරට ඇද දමා ඇතැයිද කියමින් මේ දැවැන්ත විරෝධතා රැලිය සංවිධාන කර ඇත්තේ ආජෙන්ටිනාවේ විපක්ෂය සහ වෘත්තීය සමිති ඒකාබද්ධව බවත් වාර්තා වේ.

විරෝධතා රැලියට සමගාමීව එරට ප්‍රබලතම වෘත්තිය සමිතිය වන අජෙන්ටිනා කම්කරු ජාතික සම්මේලනය විසින් එක්දින වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක කළ බව ද වාර්තා වේ. එම වැඩ වර්ජනයෙන් එරට ප්‍රවාහන, බැංකු, රෝහල් පද්ධතිය ඇතුළු සියලු මහජන සේවාවන් බිඳ වැටුණු බවත්, සිය ගණන් ගුවන් ගමන් අත්හිටුවීමට සිදුවූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සැකයක් නිසා ආදාහනාගාරයේ තිබූ දේහයට කළ දේ . . .

Fri Jan 26 , 2024
මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියාව වැළදී මිය ගිය බවට වෛද්‍ය නිගමනය සහිතව ආදාහනය කරමින් තිබූ දේහයක් සම්බන්ධයෙන් ඥාතීන් සැක පහළ කිරීමේ හේතුවෙන් ආදාහනාගාරයේ දැවෙමින් තිබූ මළසිරුර වැඩිදුර පරීක්ෂණයක් සඳහා වතුපිටිවල මූලික රෝහලට ගෙන ගිය බව මීරිගම පොලිසිය කියයි . මෙසේ මිය ගොස් ඇත්තේ මීරිගම සෙත් සෙවන වැඩිහිටි නිවාසයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x