වීදි පුරා අනාරක්ෂිතව රැගෙන ගිය සිංහ පැටවා . .

හොඳින් වැඩුණු සිංහ පැටවකු ප්‍රදර්ශනය කරමින් තායිලන්තයේ පතායා සංචාරක පුරවරයේ වීදි පුරා මෝටර් රථයක් ධාවනය කිරීමෙන් මහජන ආරක්ෂාවට තර්ජනයක් වූ බවට චෝදනා ලැබූ සිංහ පැටවාගේ හිමිකාරිනිය බව කියන එරට කාන්තාවක් තායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. වහලය රහිත convertible Bentley වර්ගයේ මෝටර් රථයකින් එම සිංහ පැටවා ප්‍රදර්ශනය කරමින් රිය පදවා ඇත්තේ විදේශිකයකු වන ඇගේ මිතුරකු බවත්, ඔහු මේ වන විට අතුරුදන් වී ඇති බවත් බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

තායිලන්ත පොලිසිය මේ වන විට එම පුද්ගලයා සොයා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, ඔහුට මාස 6ක සිර දඬුවම් සහ අමෙරිකානු ඩොලර් 1,400ක දඩ මුදලකට යටත් වීමට සිදුවනු ඇතැයිද වාර්තා වේ.

සවන්ජිට් කොසූන්ග්නර්න් නමැති සිංහ පැටවාගේ හිමිකාරිනියට ද එම දඬුවම හිමිවීමට ඉඩ ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ. එසේ වුවද එරට ජාතික උද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ අදාළ කාන්තාව සිංහ පැටවකු ළඟ තබා ගැනීමට නීත්‍යනුකූල අවසර ලබා සිටි බවය. එම සිංහ පැටවා චොන්බූරි ප්‍රාන්තයේ පතායා නුවර සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා රැගෙන යෑමට අවසර ඉල්ලා තිබූ බවත්, මේ සිදුවීම වාර්තා වන විට එම අනුමැතිය ලබා දී නොතිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අමෙරිකාව මරණ දඬුවමට නයිට්‍රජන් භාවිත කරයි . . .

Fri Jan 26 , 2024
අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මරන දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා නව ක්‍රමවේදයක් ලෙස ප්‍රථමවරට නයිට්‍රජන් වායුව භාවිත කෙරේ. මරණ දඬුවම නියම වූ කෙනත් ඉයුජින් ස්මිත් නැමති මෙම පුද්ගලයා නයිට්‍රජන් වායුව යොදාගනිමින් මරණයට ලක්කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම මතභේදාත්මක ක්‍රමය එක්සත් ජනපදයේ භාවිතා කරන පළමු අවස්ථාව මෙයවේ. 58 හැවිරිදි ස්මිත්ට අවසන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x